මෙහෙම පටන්ගන්නම්කො...

අපේ ජීවිතේ අරමුණු වෙනුවෙන් කැපවෙනව...
පොඩිකාලෙ දැක්ක හීන වෙනුවෙන්...
දෙමව්පියන්ගෙ සතුටු කඳුළු වෙනුවෙන්...
ගොඩක් වෙලාවට අපි අනාගතේ සැලසුම් කරනව...
ඒ සැලසුම් වෙනුවෙන් මහන්සි වෙනව..
හැබැයි...
සමහර වෙලාවට ගන්න තීරණ වරදිනව...
ඒ වෙලාවට... ගොඩක් හිතට රිදේවි...
හිටියටත් වඩා පහතට වැටුන වගේ දැනේවි..
ඇස්වහගෙන වෙච්ච දේ ගැන හිතන්න පොඩ්ඩක්...
වැටුන පඩිය වෙනුවට ආයෙම නැගිටින්න...
හැබැයි.. පඩියක් නෙමෙයි.. එකපාර පඩි කීපයක්...
හිතන්න.. වැරදුනේ හරිපාරට යන්න ඕනි නිසා කියල...
ආයෙම හිතන්න අපේ අරමුණ ගැන...
" සිංහයෙක් අඩියක් පස්සට ගන්නෙ...
ලොකු පිම්මක් පනින්න..."
ජීවිතේ අපි දිනනව කියන්නෙ...
හරියටම අපි කව්ද කියන එක හොයාගත්ත දවසට.....