Sunday, June 10, 2012

ජීවිතයත් හරියට .....


ජිවිතය.... හරි හුරුපුරුදු මාතෘකාවක්....
මගේ ලියවිලි අතර,
ඒ නිසාම ජිවිතය ගැන හිතන්න වැඩිපුර
ජීවිතය හරියටම දියපහරක් වගේ...
විටෙක නිහඩයි..විටෙක රුදුරුයි....
තවත් තැනක හිතාගන්න බැරිතරම්ම ලස්සනයි...
ඒ වගේම,
නිසල දියේ ගැඹුරටම යනකම් පේනව... පිවිතුරුව වන
තරමට ලස්සනයි....හැබැයි ඒ දියම බොර වුනාම...
කිසිදෙයක් තේරුම් ගන්න බෑ....
ඒකයි මම ජිවිතය දියපාරක් කිව්වෙ....
ජිවිතය පුළුවන් තරම් නිසලව නිහඩව ගෙවන්න...
එතකොට ආදරණීය ලස්සන ජීවිතයක් උරුමවේවි....