Monday, November 22, 2010

කාලෙකට පස්සේ....


කාලෙකට පස්සෙ....
ටිකක් අමුතුයි තමයි... ඒත්,
හොදම යාළුවෙක් ටික දවසකින් දැක්කොත්,
අහ්... කාලෙකට පස්සෙ කියල කථා කරාවි...
තවත් ටිකක් කල් ගිහින් දැක්කොත් ,
දැකල හුරුයි..ඔයා....කාලෙකට පස්සෙ නේද...
කියල කථාව පටන් ගනීවි....ඒත්,
වසර ගනනකට පස්සෙ.....හදුන ගනීද ඒ මිතුදම...
එදාටත් පෙර මෙන් කාලෙකට පස්සෙ ...
කීවොත්....දැනෙන සතුට.....

Wednesday, October 27, 2010

පොඩි චාරිකාවක මතකයෙන්






























මම අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන තමා ලියන්ට යන්නෙ..
මම අද මේ කියන්න යන්නෙ ඔයාල සමහර විට දන්න දෙයක් වෙන්න ඇති.
මේ පින්තූර වල තියෙන්නෙ බස්නාහිර පළාතෙ ස්ථානයක ඡායාරූප පෙළක්...


බොහෝ දෙනා හිතාවි මේ මාළිගාකන්ද විහාර භූමියෙ ඡායාරූප කියල.. නැ නැ මේ වළගම්භා විහාරස්ථානයේ ඉහළම ස්ථානයට අවට පරිසරය පේන විදිය...
මම ‍දන්න නොදන්න හැමෝටම මේ ස්ථානයට යන විදිය සරළව කියන්නම්කො....
ගම්පහ ඉදන් එන කෙනෙක් නම් 205 බස් එකක ඒ කියන්නෙ ගම්පහ කිරිදිවැල බස් පාරෙ වළගම්භා පන්සල ලගට කියල ටිකට් අරගන්න..
කොළඹ ඉදන් එනවනමි මිරිස්වත්ත හන්දියෙන් දකුණට හැරිල 7km විතර යනකොට ඔයාලට විහාරස්ථානයට ලගා වෙන්න පුළුවන්... ඔයාලත් එකපාරක් හරි ගිහින් බලන්න... හැබැයි මේ ලස්සන විතරක් විනාශ කරන්න එපා.. තව දෙයක් පන්සලට ගිහින් එනකොට ඡායාරූප විතරක් අරන් එන්න... ටිකක් හරි වැදගත් කියල හිතුනොත් අදහසකුත් දාලම යන්ට...

Saturday, September 18, 2010

ලස්සන...


කෙනෙක් කියනව ලස්සනයිලු...
තවත් කෙනෙක්...තවත් කෙනෙක්ව...
කොහොමද එහෙම කියන්නෙ...
බාහිර පෙනුමෙන්ද...?
බෑ ... අපිට බෑ එහෙම කෙනෙක් ගැන පූර්ව නිගමනයකට එන්න..
මොකද.. ලස්සන කියන්නෙ...බාහිරට පෙනෙන දේ නෙවෙයි...
ඊට වඩා ගැඹුරක් තියනව ලස්සනට...ඔව්... ලස්සනට ලස්සන අර්ථයක්...
ලස්සන කියන්නෙ කෙනෙක්ගෙ හිතත් ගතත් දෙකින්ම එන දෙයක්...
කෙනෙක් කොච්චර බාහිරින් ලස්සන උනත් වැඩක් තියනවද..හිතේ
දයාව,කරුණාව,..නැත්නම්, ඉතින්..
අපිට පුළුවන්ද කෙනෙක්ව ඇසුරු නොකර එයාගෙ හිත ගැන කියන්න...
මේය ... හැමදේටම පොදුයි...පරිසරයටත්...යමක පිටට පේන ලස්සනත් එක්ක
සැගවුන ගැඹුරක් අපිට නොදැනීම තියනව...හරියට බාදුරා මල වගේ....

Saturday, September 4, 2010

විභාගය...

සිතේ සතුටින්...
පියනැගුවා පාසලට නොදැන කිසිවක් හරි හැටි,
වසරින් වසර එකේ සිට පහ දක්වාම...
පළමු කඩඉම ඒකලු...(5 වසර)
සිතුවේ නෑ නිමයි කියා එයින්...
ගත් දිරියෙන් ජය ගෙන සා.පෙළ...පිය නැගුනා උසස් පෙළට,
සිතට සතුටුයි .. නිමකළා ජයගෙනම එය....
දැන් මා සරසවි බිමේ...සිතුවේ එදා නිම බව විභාගය,
නමුත් අද... ‍සයමසකට වරක් පෙනී සිටිමි
එදා සතුටින් නිම බවට සිතා සිටි ...
විභාගයට

Friday, August 13, 2010

හොදටම වෙනස් වෙලා...

උසස් පෙළ කඩඉම
ජය ගන්න යන විට අතරමගදී...
හමුවුණා මොවුන් මට මෙන්ම ඔබටද...
E=hf , V=f λ වැනි අය...
නමුත් අද, සරසවිය තුලදී මොවුන් වෙනස් වී,
E = hv , c = v λ ලෙස...
දැන් ඉතින් ආයෙත් මුල සිටම,
මොවුන් ගැන ඉගෙන ගන්නෙමි...
වෙනස් නොවන කිසිත් ලොව නැතැයි සිතා...

Monday, August 2, 2010

ජීවිතය...

සිනහවකි ජීවිතය,
කදුලකට මග කියන...
කදුලකි ජීවිතය,
සිනහවක් උරුමවන...
වේදනාවකි ජීවිතය,
සැනසුමක සුව සොයන...
සිහිනයකි ජීවිතය,
මතු දිනෙක සඵල වන...

Friday, July 30, 2010

තාත්තා...


මා උපන් දා පටන්,
අම්මා වගේම තාත්තේ ඔයත්,
මා අසනීප වූ විටක ...මතකයි මට අද වගේම
දෙනෙතින් කඩාහැලූන කදුලු කැට සගවා සිනාසී මා හා,
ම‍ට දැක්වු සෙනහස...
නොදනිමි කෙසේ ගෙවන්නට කියා...
තාත්තේ,
කෙසේ හෝ ඉටු කරමි ඔබේ සිත තුල සැගව තිබූ ඒ...
සිහිනය.......
අද මා සමග මාගේ නොසිටියත් දනිමි මා ,
නුඹ සිටිනා වග මා පසුපස ...සෙවනැල්ල මෙන්
මාගේ දිනුම පැරදුම සමග...ඉතින්
පතමි මම ඔබේම පුතු වන්නට සැමදාම...
තාත්තේ....

Thursday, July 29, 2010

සිහිනය....


හොද නරක තේරෙන වයසේ සිටම‍,
තිබුණි සිහිනයක් ලබන්නට සරසවි වරම්,
සා පෙළ සමත්ව ලැබිණ දිරියක් මාහට,
දිනන්නට උසස් පෙළ....
දිනා උසස් පෙළ පා නැගුවෙමි සරසවි බිමට,
සිතා විදින්නට ජීවිතය කුරැල්ලකු සේ...
එනමුදු උදෑසන සිට සවස්වන තුරැ
පොත් අතර සිර වී ,
දේශන ශාලාවක පුටුවක හිද
විදින්නෙමි ජීවිතය නිබන්ධන සමග...

Wednesday, July 28, 2010

අතීතය දෙසින්

උපන් දා සිටම,
ඉගෙන ගත්තෙමි ටිකෙන් ටික,
ජය ගත්තෙමි තරග විභාග,
සිතට දැනුන දැනෙන සතුට අපමනය...
නමුත්....
එදා සහ අද ගැන සිතන විට
දැනේ දුකක් මාහට
මන්ද,
එදා තිබූ නිදහස නැවත නොලැබෙනු ඇත.

Tuesday, July 27, 2010

Hi........ this is my first post in this blog....
but now i doesn't try to post some thing special.
keep in your mind... this blog about life of human and their dreams,targets...etc