Wednesday, February 17, 2016

අතීතය....

තීතය.....
ජීවිතේ මුල සිටම...
ගෙවපු හැම කාලයට..
කියන එක තනි වචනෙ...
අතීතය....
හිනහුනා බොහෝවිට...
වැරදුනා විටෙක..තොපට මෙන් මටද..
දිවියෙ ගත් තීරණ...නිසා ඒ වැරද්දට...
විදවුවා ටික කලක්...අතීතය පුරාවට...
පලක් නෑ විදවලා...ඉදිරියට කිසිදිනක...
නමුත්... ඒ වැරැද්දෙන්...ඉගෙනගත්  බොහෝ දේ...
වටිනවා අදට මෙන්..මතුවටත් දියුණුවට..
නොහිතා අතීතය ගැන..එක්කරන් ඒ අත්දැකිම්...
පියනගමු.. වත්මනින්..
අනාගතයට නැවුම්ව...


Monday, February 15, 2016

රූපය,අතීතය හා ආදරය


දරය...
අපි දන්නව කියල හිතන ඒත්
හරියටම මෙන්න මේකයි කියන්න බැරි..
අපි හැමෝටම ලැබුන.. ලැබෙන..ආදරය..
මේ කියන ආදරයට.. රූපය කොච්චරනම් වැදගත්ද...
හිතන්න... ලස්සන සාපේක්ෂයි..
ඉතින්
හැමෝම ලස්සනයි කියන කෙනෙක්ට... අපේ හිත ඇදිල යනව..
ඒකද ආදරේ... නෑ මං හිනේනෙ... ආදර‍යෙදි බලන්න ඕන..හදවත..
ඔව්.. 
 හදවත තමා.. ලස්සනම වෙන්න ඕනි..
බාහිර ලස්සන..නැතිවෙලා යාවි..
හදවතේ ලස්සන.. හැමදාම තියේවි...
ඉතින් ආදරේට උස මිටි බලපානවද.. නෑ..
හැබැයි...
සමාජයට ඒක ගැටළුවක්... 
හදවත අවංකනම් සමාජය..ඒ ගැන හිතන්න එපා..
කෙනෙක් කියාවි.. ආදරය අන්ධයි.. ගැලපෙන්නැ නේද පෙනුම...
පෙනුමද.. හදවතද...
හිතන්න..
හැඟීම් වලින් නෙමෙයි..මොළයෙන්..
වගේම අතීතය වර්තමානයට ලංකරගන්න එපා..
අත්දැකීම් විතරක් එකතුකරගන්න... ඒව උදව් වේවි..
වර්තමානයට...
හැබැයි..
ආදරය අතීතයෙ වුන දේ හිතන්න එපා..
අදහස් ගැලපෙන කෙනෙක් හමුවුනෙත්...
කාලයට ඉඩදෙන්න...
හිමීට ආදරය ගොඩනැගෙන්න... හැගීමක් නැතැත් කාලය ඇතිකරාවි..
එදාට...
පටන්ගන්න අලුතින්.....ආදරය....
 අදහස් ගැලපෙන... දුකට සතුටට.. තනියට...
ලගම ඉන්න ජීවිත කාලයටම....ආදරෙන්...