Monday, February 21, 2011

ආදරය


ආදරය... ඇත්තටම අකුරු හතරක් විතරද...
නැත්නම්,
අපිට කවදාවත්ම හරියට තේරුම් ගන්න බැරි
රහස් වචනයක්ද....
ඇත්තම කිවොත් ආදරයට ආදරණීය අර්ථයක් තියනව..
හැබැයි, අපි කාටවත් හරියට අර්ථකතනය කරන්න බෑ...
ආදරයත් හරියටම ලස්සන වගේ... පිටින් පේන දේට වඩා...
ගැඹුරක් , තේරුමක් තියනව...
කෙනෙක්ට තව කෙනෙක්ට ආදරෙයි කියන්න...
තහනම් නෑ.... නමුත් ඒ ආදරය ඇතිවෙන්න ඕන හදවතින්...
කෙනෙක්ගෙ පිට පෙනුමට කරන ආදරයයි... හදවතින් නැගෙන ආදරයයි ,
අතර ලොකු වෙනසක් තියනව...හරියට අහසයි පොළවයි වගේ...
නියම ආදරය දැනෙන්න ඕන හදවතට......

Wednesday, February 9, 2011

ගම හා නගරය

හරියටම මාස 2ක කටත් වඩා ගතවුනා...
ඉතින් පොඩි විවේකයක් ලැබුන නිසා ආව මේ පැත්තට...
ගම හා නගරය...
එහෙමම කිවම විහිළුවක් වගේ නේද?
මෙහෙම ඇහුවොත්...ගමද නගරයද කියල...
හැමෝම ආදරෙයි ගමට...ඒත් ඒත් ..
ඒ අපි ආදරේ කරන ගම දැන් වෙනස් වෙලා...
ඔව්, හොදටම වෙනස් වෙලා.. අදුන ගන්න බැරි වෙන තරමටම...
නගරයෙයි ගමෙයි වෙනසක් නැති තරම්...
ඉස්සර ගමේ තිබුන සුන්දරත්වය දැන් දකින්නවත් නැ...
ඒ ගැමිකම ... ?
දැන් නගරයයි ගමයි වෙනසක් නැ.... ඇත්තටම ඇත්තටම දුක හිතෙනව...
අපි ආස ඒ ගැමි කමට....