Wednesday, December 19, 2012

නැවුම් බලාපොරොත්තුවක්...

කාලෙකට පස්සෙ... ඔව් හරියටම මාස 5කින්..
විවේකයක් නෑ..අන්තිම වසරෙ අපිට
ව්‍යාපෘති , නිබන්ධන ... වෙලාවකට එපා වෙනව..
ඒත් ... ඒව ඉතින් අපේම හොදටනෙ....
හිතාගන්න බෑ කාලය ගෙවුන වේගය...
පුදුමත් හිතෙනව ඒ පහුගිය කාලය ගැන...
තව මාස කිහිපයකින් උපාධියත් හම්බවේවි....
දුක .සතුට . . තනිකම..පාළුවවත් එක්ක 
තව....ආදරය.... ඒ අත්දැකිම් ගොන්නත් 
එකක්කම ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක්...
නැ නැ බලාපොරොත්තු ගොන්නක්....
හිතනවටත් වඩා හොදින් ඒ දේවල් 
ඉටුවේවි.... මේ දක්වා වෙච්ච විදියටම....
දැන්නම් ජීවිතේට , පාළුවක් තනිකමක් නෑ...
මට හිතෙන විදියට....හැමදේම සිද්ධවුනොත්...
ජීවිතේ විදින්න පුළුවන් වේවි...... 
..........අත්දැකිමෙන් දෙයක් කියන්නම්...
කිසිම දේකට හදිස්සි වෙන්න එපා....වෙන්න තියන දේ...
හොදම විදියට නොහිතන වෙලාවක.. සිද්ධ වෙනව...
ඉවසන්න පුරුදු වෙන්න...ඉවසිමෙන් මට ලැබුන
තෑග්ග... හරිම අපුරුයි....සුන්දරයි.....

 

Saturday, July 28, 2012

උගත්කම සහ ධනය



කෙනෙක් හිතාවි මේ එකක් කියල,‍‍
එහෙමද ඔයත්....
ඇත්තටම මේ කියන උගත්කම ,
ධනය...එකක්ද නැත්නම් දෙකක්ද...
මම දකින විදියට නම් මේ උගත්කම , ධනය
කියන්නෙ දෙකකට ....
නිකම්ම නිකම් වචන දෙකක්නම් නෙමේ...
ලොකු අරුතක් සැගවුණ වචන දෙකක්...
"ධනය තියනවනම් උගත්කම ගන්න එක හරි ලේසියි "
මේ කථාවට කව්රු එකඟ උනත් මම විරුදධයි...මොකද
ධනය වියදම් කරල ගන්න උගත්කම කවදහරි මට්ටු වෙනව...
ඔව් ඔව් මාට්ටුත් වේවි.... හැබැයි නියම උගත්කම කවදාවත්ම
පරදින්නෑ....ඔව් කවදාවත්ම.....උගත්කම කියන දේ කාටවත්
බලෙන් ගන්නත් බෑ....කාටවත්ම....
හැබැයි....මතකතියාගන්න.... උගත්කමින් සාධාරණව උපයන රුපියලත්...
අසාධැරණව උපයන රුපියලත් අතර ලොකු වෙනසක් තියනව....
අන්තිමටම....නියම උගත්කම ඉතුරුවේවි....ධනය නැතිවෙලා යාවි...
එතකොටනම් උගත් මනුස්සයා දිනුම්.....

Sunday, June 10, 2012

ජීවිතයත් හරියට .....


ජිවිතය.... හරි හුරුපුරුදු මාතෘකාවක්....
මගේ ලියවිලි අතර,
ඒ නිසාම ජිවිතය ගැන හිතන්න වැඩිපුර
ජීවිතය හරියටම දියපහරක් වගේ...
විටෙක නිහඩයි..විටෙක රුදුරුයි....
තවත් තැනක හිතාගන්න බැරිතරම්ම ලස්සනයි...
ඒ වගේම,
නිසල දියේ ගැඹුරටම යනකම් පේනව... පිවිතුරුව වන
තරමට ලස්සනයි....හැබැයි ඒ දියම බොර වුනාම...
කිසිදෙයක් තේරුම් ගන්න බෑ....
ඒකයි මම ජිවිතය දියපාරක් කිව්වෙ....
ජිවිතය පුළුවන් තරම් නිසලව නිහඩව ගෙවන්න...
එතකොට ආදරණීය ලස්සන ජීවිතයක් උරුමවේවි....

              

Sunday, April 8, 2012

අලුත් අවුරුද්ද සහ අපි

ඇත්තටම මොකද්ද මේ.....
එහෙම ඇහුවට හිනා වෙන්ට එපා..
මේ... සිංහල සහ හින්දු අවුරුද්දලු...
ම්..අන්න අපට වැරදුන තැන...
නෑ..මේ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද...
මේ අවුරුද්ද අයිති...
මේ පුංචි රටේ ...
සිංහල , දෙමළ කථාකරන හැමෝටම...
ඒ කියන්නෙ ..
බෞද්ධ, හින්දු , ක්‍රිස්තියානි,මුස්ලිම් ...කියන
ආගම් වල හැමෝටම....මොකද
අපි සේරම කතා කරන්නෙ සිංහල නැත්තම් දෙමළ....
ඉතින් මෙදා අවුරුද්ද .
මේ පුංචි රටේ අපි හැමෝම ආදරයෙන් සමරමු....
ඔයාල හැමෝටම සුභ නව වසරක් වේ‍වා!

Thursday, March 1, 2012

අවසන් වසරේ අපි...



උසස් පෙළ ඉවරවුනාම... හිතේ තිබ්බ සතුට
ටික දවසකින් නැති වුණේ , ප්‍රථිඵල මතක් වෙලා...
" ලබන මාසේ ප්‍රථිඵල එනවලු "
ඒ වචනෙට අපි බයෙන් වෙව්ලුව... අන්තිමට
ප්‍රථිඵල ආව... මම පාස් වෙලා.... කැම්පස් යන්න
ලකුණු ඇති... මාර සතුටක්..,
අම්මගෙ ඇස් වල කදුළු....සතුටට,

කැම්පස් එ‍කේ කන්ද නැ‍ග්ග අපි හිටියෙ බයෙන්...
ඔව් අපි ගොඩක් උන්....දැන් චන්ඩි වගේ හිටියට ,
හැමෝම එකවගේ බයකින්.... ඒ අපි 1 වසරෙ...
අර්ධ වාර්ෂික 2ක්, විභාග බර ගානක්...
දන්නෙම නැතුව 2 වසරට...
දැන් ඒ බය අපි ගාව නෑ....අපිට පාත තව කන්ඩායමක් ඉන්නව...
දැන් ඒ අය ගාව ඉස්සර අපිලග තිබ්බ බය....

මෙහෙම පිලිවෙලින් ගෙවිල ගිය අවුරුදු කිපයක්...

දැන් අපි සරසවියෙ අන්තිම වසරෙ....
හිතට දැනෙන සතුට... ඒ එක්කම හිතාගන්න බැරි දුකක්....
තව මාස කීපයකින් අපිට මේ සරසවිය දාල යන්න වෙනව...
සමාජයත් එක්ක ගැටෙන්න.... තනියම නැගිටින්න...

අන්තිමට අපිට ඉතිරිවෙන්නෙ... අමතක කරන්න බැරි මතකයක්...
අපි ගැනම....

Monday, January 30, 2012

2012

ඇත්තටම පුදුමයි...
2012 අවුරුද්ද පටන් ගන්න
තිබ්බ උනන්දුව...
ඒත් දන්නෙම නැතුව
මාසයක්ම ඉවරයි...
කාලය ගෙවිල යන ඉක්මන
හිතාගන්නවත් බෑ...
ජනවාරි 1වෙනිද හරියට අද ඊයෙ වගේ...
අනේ මන්ද...2012 අවුරුද්දත් ඉක්මනටම
ගෙවිල යයි වගේ....