Thursday, March 1, 2012

අවසන් වසරේ අපි...



උසස් පෙළ ඉවරවුනාම... හිතේ තිබ්බ සතුට
ටික දවසකින් නැති වුණේ , ප්‍රථිඵල මතක් වෙලා...
" ලබන මාසේ ප්‍රථිඵල එනවලු "
ඒ වචනෙට අපි බයෙන් වෙව්ලුව... අන්තිමට
ප්‍රථිඵල ආව... මම පාස් වෙලා.... කැම්පස් යන්න
ලකුණු ඇති... මාර සතුටක්..,
අම්මගෙ ඇස් වල කදුළු....සතුටට,

කැම්පස් එ‍කේ කන්ද නැ‍ග්ග අපි හිටියෙ බයෙන්...
ඔව් අපි ගොඩක් උන්....දැන් චන්ඩි වගේ හිටියට ,
හැමෝම එකවගේ බයකින්.... ඒ අපි 1 වසරෙ...
අර්ධ වාර්ෂික 2ක්, විභාග බර ගානක්...
දන්නෙම නැතුව 2 වසරට...
දැන් ඒ බය අපි ගාව නෑ....අපිට පාත තව කන්ඩායමක් ඉන්නව...
දැන් ඒ අය ගාව ඉස්සර අපිලග තිබ්බ බය....

මෙහෙම පිලිවෙලින් ගෙවිල ගිය අවුරුදු කිපයක්...

දැන් අපි සරසවියෙ අන්තිම වසරෙ....
හිතට දැනෙන සතුට... ඒ එක්කම හිතාගන්න බැරි දුකක්....
තව මාස කීපයකින් අපිට මේ සරසවිය දාල යන්න වෙනව...
සමාජයත් එක්ක ගැටෙන්න.... තනියම නැගිටින්න...

අන්තිමට අපිට ඉතිරිවෙන්නෙ... අමතක කරන්න බැරි මතකයක්...
අපි ගැනම....