Sunday, June 29, 2014

සිතුවිල්ලක්...

සිතුවිල්ලක් කිව්වට..
ඇත්තටම මේ සිතිවිල්ල 
හිතේ නලියන්න ගත්තෙ
මාස කීපයකට කලින්..
ඔව් , මාස කීපයකට..
හැමොටම ඕනවෙන.. සමහර අයට
හම්බවෙන.. සමහර අයට මඟහැරෙන..
ආදරය...

හම්.. ආදරය... පුදුමාකාර සිතිවිල්ලක්...
මිනිස් සිත තුල නලියන...
මටත් දැනුන... හැබැයි ඉතින් ඒ ආදරේ 
හොයාන යද්දි පොඩි බාධක තියනව.. ලොකුම දේ 
ඒ ආදරේ මට විතරක් දැනුන එක... මගේ හිත ගිය ආදරීට
තාම ආදරයක් ගැන හිතන්න බෑලු.... බයයිලු...
ඇත්ත .. කොහොමද කව්රුවත් විශ්වාස කරන්නෙ..
මට හිතුන වගේම ඔයාටත් දවසක ආදරය දැනේවි..
සිතිවිල්ලක් නලියාවි...
එදාට කියන්න... සිතට දැනුන ආදරේ වෙනුවෙන්..
එදාටත් වෙනසක් නැතුව  මං ඉදිවි..
හැබැයි ගොඩක් කල් නිහඩව ඉන්න එපා... මොකද 
ජීවිතේ හොදම කාලෙ ගෙවුනම..ආදර සිතුවිලි 
සිතුවිලි විතරක් වෙනව.....

Saturday, June 7, 2014

සමාවෙන්න....

SORRY....
නිකම්ම නිකම් අකුරු 5ක් ද...
නෑ ඒක නිකම්ම නිකම් අකුරු නෙමෙයි..
ගැඹුරු අරුතක් තියන වචනයක්...
හැබැයි....
අද ඕනම කෙනෙක්ගෙන්...
නිකම්ම කියවෙන ,වටිනාකමක් නැති..
වචනයක් වෙලා... 
මට හැගෙන විදියට...
එහෙමයි...
sorry , එහෙම කියනවට වඩා...
සමාවෙන්න මං අතින් වුණ වැරුද්දට...කීවොත්....
 එතන ඇත්තටම sorry කියන එකට
හොඳ තේරුමක් තියනව..
ලේසියට sorry කියනව වගේ නෙමෙයි..
ඔයාගෙම හදවතින් අහන්න... 
sorry කිව්වෙ හදවතින්මද කියල...

Saturday, May 24, 2014

විටෙක අපි.......

විටෙක . . . 
අපි දිනනව ජීවිතය..
විටෙක..
පරදිනව...සමහර වෙලාවට
පරාජය වෙලා වගේ දැනෙනව...
හැබැයි...
හැම පරාජිත අවස්ථාවකම 
අපිට පොඩිම පොඩි හරි..
වාසනාවක් තියනව..
ඒ වාසනාව අපි හොයාගන්න ඕනි..
ඉතින්.. අයෙමත් අපිට පුළුවන් නැගිටින්න...
ඕව්..නැගිටින්න... ජීවිතය දිනනව කියන්නෙ..
වැටෙයි එහෙම නැත්තම් පරදී කියල...
උත්සහය අත්හරින එක නෙමෙයි..
වැටෙන්න වැටෙන්න නැගිටින එක..
මතක තියාගන්න.. වැටි වැටි නැගිටිද්දි..
ඔයා දන්නව වැටුනෙ ඇයි කියල...
ඉක්මනිනම ඔයා හරියටම නැගිටිනව සත්තයි..
ආයෙ කාටවත්ම වට්ටන්න බැරි විදියට... එ් වෙලාවට තමයි..
අපි හරියටම ජීවිතේ දිනුව කියන්න පුළුවන්...

Sunday, February 9, 2014

අපි කවුද ?

අපි කව්ද ? හරියටම උත්තරයක් මමගාව නම් නෑ..
මෙහෙම පටන්ගන්නම්කො...
උදේ හිරු එළිය වැටුනවෙලේ ඉදන්  අපි...
අපේ ජීවිතේ අරමුණු වෙනුවෙන් කැපවෙනව...
පොඩිකාලෙ දැක්ක හීන වෙනුවෙන්... 
දෙමව්පියන්ගෙ සතුටු කඳුළු වෙනුවෙන්...
ගොඩක්‍ වෙලාවට අපි අනාගතේ සැලසුම් කරනව...
ඒ සැලසුම් වෙනුවෙන් මහන්සි වෙනව..
හැබැයි...
සමහර වෙලාවට ගන්න තීරණ වරදිනව...
ඒ වෙලාවට... ගොඩක් හිතට රිදේවි...
හිටියටත් වඩා පහතට වැටුන වගේ දැනේවි..
ඇස්වහගෙන වෙච්ච දේ ගැන හිතන්න පොඩ්ඩක්...
වැටුන පඩිය වෙනුවට ආ‍යෙම නැගිටින්න...
හැබැයි.. පඩියක් නෙ‍මෙයි.. එකපාර පඩි කීපයක්...
හිතන්න.. වැරදුනේ හරිපාරට යන්න ඕනි නිසා කියල...
ආයෙම හිතන්න අපේ අරමුණ ගැන... 
" සිංහයෙක් අඩියක් පස්සට ගන්නෙ...
        ලොකු පිම්මක් පනින්න..." 
ජීවිතේ අපි දිනනව කියන්නෙ...
හරියටම අපි කව්ද කියන එක හොයාගත්ත දවසට.....