Sunday, April 8, 2012

අලුත් අවුරුද්ද සහ අපි

ඇත්තටම මොකද්ද මේ.....
එහෙම ඇහුවට හිනා වෙන්ට එපා..
මේ... සිංහල සහ හින්දු අවුරුද්දලු...
ම්..අන්න අපට වැරදුන තැන...
නෑ..මේ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද...
මේ අවුරුද්ද අයිති...
මේ පුංචි රටේ ...
සිංහල , දෙමළ කථාකරන හැමෝටම...
ඒ කියන්නෙ ..
බෞද්ධ, හින්දු , ක්‍රිස්තියානි,මුස්ලිම් ...කියන
ආගම් වල හැමෝටම....මොකද
අපි සේරම කතා කරන්නෙ සිංහල නැත්තම් දෙමළ....
ඉතින් මෙදා අවුරුද්ද .
මේ පුංචි රටේ අපි හැමෝම ආදරයෙන් සමරමු....
ඔයාල හැමෝටම සුභ නව වසරක් වේ‍වා!

Thursday, March 1, 2012

අවසන් වසරේ අපි...



උසස් පෙළ ඉවරවුනාම... හිතේ තිබ්බ සතුට
ටික දවසකින් නැති වුණේ , ප්‍රථිඵල මතක් වෙලා...
" ලබන මාසේ ප්‍රථිඵල එනවලු "
ඒ වචනෙට අපි බයෙන් වෙව්ලුව... අන්තිමට
ප්‍රථිඵල ආව... මම පාස් වෙලා.... කැම්පස් යන්න
ලකුණු ඇති... මාර සතුටක්..,
අම්මගෙ ඇස් වල කදුළු....සතුටට,

කැම්පස් එ‍කේ කන්ද නැ‍ග්ග අපි හිටියෙ බයෙන්...
ඔව් අපි ගොඩක් උන්....දැන් චන්ඩි වගේ හිටියට ,
හැමෝම එකවගේ බයකින්.... ඒ අපි 1 වසරෙ...
අර්ධ වාර්ෂික 2ක්, විභාග බර ගානක්...
දන්නෙම නැතුව 2 වසරට...
දැන් ඒ බය අපි ගාව නෑ....අපිට පාත තව කන්ඩායමක් ඉන්නව...
දැන් ඒ අය ගාව ඉස්සර අපිලග තිබ්බ බය....

මෙහෙම පිලිවෙලින් ගෙවිල ගිය අවුරුදු කිපයක්...

දැන් අපි සරසවියෙ අන්තිම වසරෙ....
හිතට දැනෙන සතුට... ඒ එක්කම හිතාගන්න බැරි දුකක්....
තව මාස කීපයකින් අපිට මේ සරසවිය දාල යන්න වෙනව...
සමාජයත් එක්ක ගැටෙන්න.... තනියම නැගිටින්න...

අන්තිමට අපිට ඉතිරිවෙන්නෙ... අමතක කරන්න බැරි මතකයක්...
අපි ගැනම....

Monday, January 30, 2012

2012

ඇත්තටම පුදුමයි...
2012 අවුරුද්ද පටන් ගන්න
තිබ්බ උනන්දුව...
ඒත් දන්නෙම නැතුව
මාසයක්ම ඉවරයි...
කාලය ගෙවිල යන ඉක්මන
හිතාගන්නවත් බෑ...
ජනවාරි 1වෙනිද හරියට අද ඊයෙ වගේ...
අනේ මන්ද...2012 අවුරුද්දත් ඉක්මනටම
ගෙවිල යයි වගේ....

Tuesday, December 13, 2011

කාලය....


කාලය... පටන්ගැන්මම විහිළුවක් වගේ...
ඒත්... ඇත්තටම කාලය තමයි හැමදේම...
ඇයි එහෙම...
අම්ම කෙනෙක්ට දවසක් මාරම වටිනව...
ඒ ගෙදර තියන වැඩටික ඉවර කරන්න....
විභාගෙට ලියද්දි විනාඩි 5ත් මාරම වටිනව....
මොකක්හරි හොද වැඩක් කරද්දි..
වෙලාව ගතවෙන්නෙ හරියට අපි එක්ක
තරහ වෙලා වගේ....
හැබැයි අපි කම්මැලිකමේ ඉද්දි...
වෙලාවත් නවතිනව වගේ....
හැබැයි ඉතින් මේ වෙලාවඑහෙම නැත්තන් කාලය
...තමයි අපේ ජීවිතේ හැමදේම ....
මොකද වෙලාව ඒ තරම්ම අපිට වටිනව...

Friday, November 4, 2011

දැනුම සහ ජීවිතය හා මිනිසත්කම

ජීවිතය , විටක නිහඩයි...
         විටෙක රළුයි...
    තවත් විටෙක සිතිය නොහැකි තරම්
                පුදුමාකාරයි...
හරියට ගංගාවක් වගේ...
         ගංගාවක් හැදෙන්නෙ කොහොමද...
හරියට ඒ වගේමයි අපේ ජීවිතය...
        ටිකෙන් ටික දැනුම එකතුවෙලා මේ දක්වා,
        ගොඩනැගුනු මේ ජීවිතයට...යන්න තව ගොඩක් 
        දුර තියනව...
හැබැයි,...
       ගගකට නිතරම බාධක හමුවෙනව වගේම...
          අපේ ජීවිතයටත් බාදක හමුවනව....
              ගගක් බාධක නොසලකා ලස්සනට 
               ඉදිරියට ගලනව වගේම...
       අපිත් අපේ ජිවිතයට එන බාධක
ආශිර්වාදයක් කර ගෙන ....
   ජිවිතය ලස්සන කරගන්න ඕන...
         ඒකටයි අපි මිනිසත්බව ලැබුවෙ....

Friday, September 16, 2011

ඉලක්කය...

ජීවිතය...
විටක රැලි නංවමින්,
විටෙක නිහඩව...
ගලාබසිනා නදියකි...නොනවතින
තැනිතලා මෙන්ම...
මහා බෑවුම්ද...හමුවෙනව
එක මගම....එහෙත්
නොවි පසුබටව.. ගලායනවා නොනැවතී
ඒ මහා ජලකද ...
හමුවනා තුරාවට...
ඉතින් අප ජීවිතය...
ගගක් යැයි සිතුවහොත්..
හමුවනා සියලු දේ බාධකය අප හට...
එනමුත් යා යුතුය අප සැම...
අප සිතූ...අප පැතූ...
ඉලක්කය වෙත...

Sunday, July 31, 2011

ඇත්ත...

ඇත්ත ලස්සනයි...
හැබැයි ... ගොඩක් අය ..
ඇත්තට වෛර කරනව..,
බොරුව රජකරන මේ ලෝකෙ.,
ඇත්තට රජවෙන්න අමාරුයි..
නමුත්, ඇත්ත කවදහරි
රජවෙනවා....
සිකුරුයි....

Tuesday, June 14, 2011

අම්මේ......


දස මසක් කුස දරා,
අපමණ දුකක් වින්දා නුඹ...
දුකින් නොව සතුටින්ම....
අප උපන් දා සිටත් ,වින්ද දුක් වේදනා
දුකක් නොවුනා ඔබට සතුටක්ම මිස එය...
අපමණ සෙනෙහසින් ඔබ ...
මුල් ඇදුරුතුමිය ලෙස.....
එදාමෙන් අදත් මා පසුපසින්...
මගෙ දුකේදී ඔබ ලග සිටීම
දිරියක් මට අම්මේ.....
මා දිනූ හැම විටම , මා වැටුනු හැම විටම
විටක මවක මෙන්, සොයුරියක මෙන් , මිතුරියක මෙන්
නොවෙනස්ව සිටින නුඹට....
ආදරෙයි මං හැමදාම අම්මේ..........

Friday, May 27, 2011

විරුවනි.....

වසර 30ක්.. නොනිවුන ගිනි දැල්,
නොතිබුනේ නිවෙන්නට....

එනමුදු ,
ඒ ගිනිදැල් නිවන්නට
කැපකලා ඔබ යොවුන් දිවියම...
අප වෙනුවෙන් හෙලූ දහඩිය...
ලේ කදුළු වෙනුවෙන්
ණයගැතියි සදාකල් අප සැම...
මන්ද...
ලොවම බිය වූ,
ත්‍රස්තවාදය නැතිකලා ඔබ...
අප ලංකා මව මත......


මේ ලිපිය උපහාරයක් වේවා.....

Friday, March 18, 2011

facebook සහ අපි


එදා සිට අද දක්වාම...
දියුණු වුන තාක්ෂණය,
හොදට මෙන් නරකටද
යොදන බව සැබෑවකි...
එනමුත්, පවසමි යමක් මම
එකග වන ඔබ සැමම....
පෙර කල මිතුදමට
ඉල්ලුවේ ලිපිනයයි...පසුව දුරකථනයයි,
නව දැනුම ලැබෙන විට e mail ලිපිනයයි...
ඒත් දැන්.... මුනු පොතෙන් එන මිතුදමේ
ඇරයුමයි.....
හිස උසට වැඩ ඇතැත් ...
කෙසේ හෝ කාලය හොයන්
අඩු ගානෙ පැයක්වත් මිතුරු ඇසුරේ ඉතින්...
මිතුරගේ දුක සැපට , රස කතා විහිළු වැනි
හැමදේම එක තැනක...comment,wall post එක්ක
ගෙවමු අපි ජීවිතය.....