Saturday, August 6, 2016

හිත...

ආදරය...හරි කෙනා ළගට එද්දි....
වැරදි අය නිසා.. එපාවෙලාලු...
ආදරය... ඉතින්...
ඇත්තම ආදරයට . .
ඉඩක් නෑලු හිත ළග...
ඉතින් මිතුදම ???

Monday, April 25, 2016

සිහින

සිහින...
අපි දකින්න ආස.. දකින.. සිහින..
සමහර හීන... හැබෑවෙනව.. හැබැයි..
ඒව අපි එච්චර දකින් නෑ...මොකද
ඒ හැබෑවෙන හීන හින්ද..
ඒත්...
අපි වැඩියෙන්ම දකින, දකින්න ආස..
හීන.. හැබෑවෙන්න තියන බාධක වැඩී..
ඒ නිසා අපි ඒ හීන වැඩිපුර දකිනව.. ආසාවෙන්
සමහරු මේ හීන , හීන වලටම හිර කරාවි..
නමුත්...
ඒ හීන හැබෑ කරගන්න මහන්සි උනොත්..
සැබෑවෙනව සත්තයි...

Friday, April 1, 2016

සිතිවිල්ල...

වැරදීම වරදක් නෙමෙයි... සමහරවිට
ඒ අපිට අත්දැකීම් අඩුනිසා වෙන්න ඇති..
හැබැයි හැමදාම එකම දේ වරදිනව නම්..
ඒක.. අනේමන්ද.. ඕනි නැතිකමද.. මෝඩකමද..
සමහර වෙලාවට.. 

අපි අපේ ජීවිත කතාව ඇතුලෙ..
සමහර අයට වැදගත් තැනක් දෙනව...

ඔව්.. වැදගත්..
ඒත්.. එයාලට අපිව පොඩ්ඩක්වත් වැදගත් නැත්තම්...
එහෙම නෙමෙයි.. 

එයාලට අපිව වැදගත්..
අසරණ උනාම.. තනි උනාම...දුක කියන්න...

මොකද.. එයාල දන්නව අපි එයාල වෙනුවෙන් 
ඉන්නව කියල....ඒත්...
එයාලට අපි වෙනුවෙන්.. පුංචිම පුංචි කැපවීමක්
කරන්න බැයිනම්... 

ත් අපේ හිත අකමැතිනම්..
ඒ වැදගත් තැනින් එයාලව අයින් කරන්න..
ඒකට කියන්නෙ...
මෝඩකමද... එහෙම නැත්තම්..
ආදරයද.....

Wednesday, February 17, 2016

අතීතය....

තීතය.....
ජීවිතේ මුල සිටම...
ගෙවපු හැම කාලයට..
කියන එක තනි වචනෙ...
අතීතය....
හිනහුනා බොහෝවිට...
වැරදුනා විටෙක..තොපට මෙන් මටද..
දිවියෙ ගත් තීරණ...නිසා ඒ වැරද්දට...
විදවුවා ටික කලක්...අතීතය පුරාවට...
පලක් නෑ විදවලා...ඉදිරියට කිසිදිනක...
නමුත්... ඒ වැරැද්දෙන්...ඉගෙනගත්  බොහෝ දේ...
වටිනවා අදට මෙන්..මතුවටත් දියුණුවට..
නොහිතා අතීතය ගැන..එක්කරන් ඒ අත්දැකිම්...
පියනගමු.. වත්මනින්..
අනාගතයට නැවුම්ව...


Monday, February 15, 2016

රූපය,අතීතය හා ආදරය


දරය...
අපි දන්නව කියල හිතන ඒත්
හරියටම මෙන්න මේකයි කියන්න බැරි..
අපි හැමෝටම ලැබුන.. ලැබෙන..ආදරය..
මේ කියන ආදරයට.. රූපය කොච්චරනම් වැදගත්ද...
හිතන්න... ලස්සන සාපේක්ෂයි..
ඉතින්
හැමෝම ලස්සනයි කියන කෙනෙක්ට... අපේ හිත ඇදිල යනව..
ඒකද ආදරේ... නෑ මං හිනේනෙ... ආදර‍යෙදි බලන්න ඕන..හදවත..
ඔව්.. 
 හදවත තමා.. ලස්සනම වෙන්න ඕනි..
බාහිර ලස්සන..නැතිවෙලා යාවි..
හදවතේ ලස්සන.. හැමදාම තියේවි...
ඉතින් ආදරේට උස මිටි බලපානවද.. නෑ..
හැබැයි...
සමාජයට ඒක ගැටළුවක්... 
හදවත අවංකනම් සමාජය..ඒ ගැන හිතන්න එපා..
කෙනෙක් කියාවි.. ආදරය අන්ධයි.. ගැලපෙන්නැ නේද පෙනුම...
පෙනුමද.. හදවතද...
හිතන්න..
හැඟීම් වලින් නෙමෙයි..මොළයෙන්..
වගේම අතීතය වර්තමානයට ලංකරගන්න එපා..
අත්දැකීම් විතරක් එකතුකරගන්න... ඒව උදව් වේවි..
වර්තමානයට...
හැබැයි..
ආදරය අතීතයෙ වුන දේ හිතන්න එපා..
අදහස් ගැලපෙන කෙනෙක් හමුවුනෙත්...
කාලයට ඉඩදෙන්න...
හිමීට ආදරය ගොඩනැගෙන්න... හැගීමක් නැතැත් කාලය ඇතිකරාවි..
එදාට...
පටන්ගන්න අලුතින්.....ආදරය....
 අදහස් ගැලපෙන... දුකට සතුටට.. තනියට...
ලගම ඉන්න ජීවිත කාලයටම....ආදරෙන්...