Tuesday, December 13, 2011

කාලය....


කාලය... පටන්ගැන්මම විහිළුවක් වගේ...
ඒත්... ඇත්තටම කාලය තමයි හැමදේම...
ඇයි එහෙම...
අම්ම කෙනෙක්ට දවසක් මාරම වටිනව...
ඒ ගෙදර තියන වැඩටික ඉවර කරන්න....
විභාගෙට ලියද්දි විනාඩි 5ත් මාරම වටිනව....
මොකක්හරි හොද වැඩක් කරද්දි..
වෙලාව ගතවෙන්නෙ හරියට අපි එක්ක
තරහ වෙලා වගේ....
හැබැයි අපි කම්මැලිකමේ ඉද්දි...
වෙලාවත් නවතිනව වගේ....
හැබැයි ඉතින් මේ වෙලාවඑහෙම නැත්තන් කාලය
...තමයි අපේ ජීවිතේ හැමදේම ....
මොකද වෙලාව ඒ තරම්ම අපිට වටිනව...

Friday, November 4, 2011

දැනුම සහ ජීවිතය හා මිනිසත්කම

ජීවිතය , විටක නිහඩයි...
         විටෙක රළුයි...
    තවත් විටෙක සිතිය නොහැකි තරම්
                පුදුමාකාරයි...
හරියට ගංගාවක් වගේ...
         ගංගාවක් හැදෙන්නෙ කොහොමද...
හරියට ඒ වගේමයි අපේ ජීවිතය...
        ටිකෙන් ටික දැනුම එකතුවෙලා මේ දක්වා,
        ගොඩනැගුනු මේ ජීවිතයට...යන්න තව ගොඩක් 
        දුර තියනව...
හැබැයි,...
       ගගකට නිතරම බාධක හමුවෙනව වගේම...
          අපේ ජීවිතයටත් බාදක හමුවනව....
              ගගක් බාධක නොසලකා ලස්සනට 
               ඉදිරියට ගලනව වගේම...
       අපිත් අපේ ජිවිතයට එන බාධක
ආශිර්වාදයක් කර ගෙන ....
   ජිවිතය ලස්සන කරගන්න ඕන...
         ඒකටයි අපි මිනිසත්බව ලැබුවෙ....

Friday, September 16, 2011

ඉලක්කය...

ජීවිතය...
විටක රැලි නංවමින්,
විටෙක නිහඩව...
ගලාබසිනා නදියකි...නොනවතින
තැනිතලා මෙන්ම...
මහා බෑවුම්ද...හමුවෙනව
එක මගම....එහෙත්
නොවි පසුබටව.. ගලායනවා නොනැවතී
ඒ මහා ජලකද ...
හමුවනා තුරාවට...
ඉතින් අප ජීවිතය...
ගගක් යැයි සිතුවහොත්..
හමුවනා සියලු දේ බාධකය අප හට...
එනමුත් යා යුතුය අප සැම...
අප සිතූ...අප පැතූ...
ඉලක්කය වෙත...

Sunday, July 31, 2011

ඇත්ත...

ඇත්ත ලස්සනයි...
හැබැයි ... ගොඩක් අය ..
ඇත්තට වෛර කරනව..,
බොරුව රජකරන මේ ලෝකෙ.,
ඇත්තට රජවෙන්න අමාරුයි..
නමුත්, ඇත්ත කවදහරි
රජවෙනවා....
සිකුරුයි....

Tuesday, June 14, 2011

අම්මේ......


දස මසක් කුස දරා,
අපමණ දුකක් වින්දා නුඹ...
දුකින් නොව සතුටින්ම....
අප උපන් දා සිටත් ,වින්ද දුක් වේදනා
දුකක් නොවුනා ඔබට සතුටක්ම මිස එය...
අපමණ සෙනෙහසින් ඔබ ...
මුල් ඇදුරුතුමිය ලෙස.....
එදාමෙන් අදත් මා පසුපසින්...
මගෙ දුකේදී ඔබ ලග සිටීම
දිරියක් මට අම්මේ.....
මා දිනූ හැම විටම , මා වැටුනු හැම විටම
විටක මවක මෙන්, සොයුරියක මෙන් , මිතුරියක මෙන්
නොවෙනස්ව සිටින නුඹට....
ආදරෙයි මං හැමදාම අම්මේ..........

Friday, May 27, 2011

විරුවනි.....

වසර 30ක්.. නොනිවුන ගිනි දැල්,
නොතිබුනේ නිවෙන්නට....

එනමුදු ,
ඒ ගිනිදැල් නිවන්නට
කැපකලා ඔබ යොවුන් දිවියම...
අප වෙනුවෙන් හෙලූ දහඩිය...
ලේ කදුළු වෙනුවෙන්
ණයගැතියි සදාකල් අප සැම...
මන්ද...
ලොවම බිය වූ,
ත්‍රස්තවාදය නැතිකලා ඔබ...
අප ලංකා මව මත......


මේ ලිපිය උපහාරයක් වේවා.....

Friday, March 18, 2011

facebook සහ අපි


එදා සිට අද දක්වාම...
දියුණු වුන තාක්ෂණය,
හොදට මෙන් නරකටද
යොදන බව සැබෑවකි...
එනමුත්, පවසමි යමක් මම
එකග වන ඔබ සැමම....
පෙර කල මිතුදමට
ඉල්ලුවේ ලිපිනයයි...පසුව දුරකථනයයි,
නව දැනුම ලැබෙන විට e mail ලිපිනයයි...
ඒත් දැන්.... මුනු පොතෙන් එන මිතුදමේ
ඇරයුමයි.....
හිස උසට වැඩ ඇතැත් ...
කෙසේ හෝ කාලය හොයන්
අඩු ගානෙ පැයක්වත් මිතුරු ඇසුරේ ඉතින්...
මිතුරගේ දුක සැපට , රස කතා විහිළු වැනි
හැමදේම එක තැනක...comment,wall post එක්ක
ගෙවමු අපි ජීවිතය.....

Monday, February 21, 2011

ආදරය


ආදරය... ඇත්තටම අකුරු හතරක් විතරද...
නැත්නම්,
අපිට කවදාවත්ම හරියට තේරුම් ගන්න බැරි
රහස් වචනයක්ද....
ඇත්තම කිවොත් ආදරයට ආදරණීය අර්ථයක් තියනව..
හැබැයි, අපි කාටවත් හරියට අර්ථකතනය කරන්න බෑ...
ආදරයත් හරියටම ලස්සන වගේ... පිටින් පේන දේට වඩා...
ගැඹුරක් , තේරුමක් තියනව...
කෙනෙක්ට තව කෙනෙක්ට ආදරෙයි කියන්න...
තහනම් නෑ.... නමුත් ඒ ආදරය ඇතිවෙන්න ඕන හදවතින්...
කෙනෙක්ගෙ පිට පෙනුමට කරන ආදරයයි... හදවතින් නැගෙන ආදරයයි ,
අතර ලොකු වෙනසක් තියනව...හරියට අහසයි පොළවයි වගේ...
නියම ආදරය දැනෙන්න ඕන හදවතට......

Wednesday, February 9, 2011

ගම හා නගරය

හරියටම මාස 2ක කටත් වඩා ගතවුනා...
ඉතින් පොඩි විවේකයක් ලැබුන නිසා ආව මේ පැත්තට...
ගම හා නගරය...
එහෙමම කිවම විහිළුවක් වගේ නේද?
මෙහෙම ඇහුවොත්...ගමද නගරයද කියල...
හැමෝම ආදරෙයි ගමට...ඒත් ඒත් ..
ඒ අපි ආදරේ කරන ගම දැන් වෙනස් වෙලා...
ඔව්, හොදටම වෙනස් වෙලා.. අදුන ගන්න බැරි වෙන තරමටම...
නගරයෙයි ගමෙයි වෙනසක් නැති තරම්...
ඉස්සර ගමේ තිබුන සුන්දරත්වය දැන් දකින්නවත් නැ...
ඒ ගැමිකම ... ?
දැන් නගරයයි ගමයි වෙනසක් නැ.... ඇත්තටම ඇත්තටම දුක හිතෙනව...
අපි ආස ඒ ගැමි කමට....