Friday, September 16, 2011

ඉලක්කය...

ජීවිතය...
විටක රැලි නංවමින්,
විටෙක නිහඩව...
ගලාබසිනා නදියකි...නොනවතින
තැනිතලා මෙන්ම...
මහා බෑවුම්ද...හමුවෙනව
එක මගම....එහෙත්
නොවි පසුබටව.. ගලායනවා නොනැවතී
ඒ මහා ජලකද ...
හමුවනා තුරාවට...
ඉතින් අප ජීවිතය...
ගගක් යැයි සිතුවහොත්..
හමුවනා සියලු දේ බාධකය අප හට...
එනමුත් යා යුතුය අප සැම...
අප සිතූ...අප පැතූ...
ඉලක්කය වෙත...

0 comments:

Post a Comment