Wednesday, December 19, 2012

නැවුම් බලාපොරොත්තුවක්...

කාලෙකට පස්සෙ... ඔව් හරියටම මාස 5කින්..
විවේකයක් නෑ..අන්තිම වසරෙ අපිට
ව්‍යාපෘති , නිබන්ධන ... වෙලාවකට එපා වෙනව..
ඒත් ... ඒව ඉතින් අපේම හොදටනෙ....
හිතාගන්න බෑ කාලය ගෙවුන වේගය...
පුදුමත් හිතෙනව ඒ පහුගිය කාලය ගැන...
තව මාස කිහිපයකින් උපාධියත් හම්බවේවි....
දුක .සතුට . . තනිකම..පාළුවවත් එක්ක 
තව....ආදරය.... ඒ අත්දැකිම් ගොන්නත් 
එකක්කම ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක්...
නැ නැ බලාපොරොත්තු ගොන්නක්....
හිතනවටත් වඩා හොදින් ඒ දේවල් 
ඉටුවේවි.... මේ දක්වා වෙච්ච විදියටම....
දැන්නම් ජීවිතේට , පාළුවක් තනිකමක් නෑ...
මට හිතෙන විදියට....හැමදේම සිද්ධවුනොත්...
ජීවිතේ විදින්න පුළුවන් වේවි...... 
..........අත්දැකිමෙන් දෙයක් කියන්නම්...
කිසිම දේකට හදිස්සි වෙන්න එපා....වෙන්න තියන දේ...
හොදම විදියට නොහිතන වෙලාවක.. සිද්ධ වෙනව...
ඉවසන්න පුරුදු වෙන්න...ඉවසිමෙන් මට ලැබුන
තෑග්ග... හරිම අපුරුයි....සුන්දරයි.....

 

0 comments:

Post a Comment