Friday, August 13, 2010

හොදටම වෙනස් වෙලා...

උසස් පෙළ කඩඉම
ජය ගන්න යන විට අතරමගදී...
හමුවුණා මොවුන් මට මෙන්ම ඔබටද...
E=hf , V=f λ වැනි අය...
නමුත් අද, සරසවිය තුලදී මොවුන් වෙනස් වී,
E = hv , c = v λ ලෙස...
දැන් ඉතින් ආයෙත් මුල සිටම,
මොවුන් ගැන ඉගෙන ගන්නෙමි...
වෙනස් නොවන කිසිත් ලොව නැතැයි සිතා...

4 comments:

  1. සමීකරනෙ අකුරු වෙනස් වේ ගුරා ගෙ තාලෙට
    උසස් පෙළ මොඩලය ඉවත් කර අප මනසින්
    පෙළ ගැසී ඒ බොරුම නැවත කට පාඩම් කරනට
    අලුත් ලෙස පරණ කමම සරසවිය තුලත්....

    ReplyDelete
  2. නමුත් මේ පරණ දේ ඇයි මෙලෙස වෙනස් වී...
    අපහසුයි තේරැම් ගන්නට...
    හිතෙනවා වෙලාවකට
    එදා සිටි නිව්ටන් අද වන විට වෙනස් වී බව...

    ReplyDelete
  3. නැත සොයුර නොවේ නිවුටන් ගේ වෙනසක්
    එදා නිවුටන් කිවු දේ අද අයින්ස්ටයින්ට යටවී
    නිවුටන්ගේ සරල වදන් අයින්ස්ටයින්ගේ කටුරොලු වදනින් යටවී
    එයයි වෙනස අද තේරුම් ගත නොහුනු....

    ReplyDelete
  4. සොයුර,
    මට නම් නිව්ටන් මෙන්ම අයින්ස්ටයින්ද
    එකම බව හැගේ...
    නමුත්...පවසන්නේ එකකට එකක් වෙනස් දේවල්ය...

    ReplyDelete