Sunday, October 4, 2015

සරුංගලය සහ අපි....

සරුංගලය.. ලස්සනයි..හැබැයි..
ඒ සරුංගලේට කොල අලවන්න කලින්..
නිකම්ම නිකම් සැකිල්ලක්...
සරුංගලයක් වගේ අපේ ජීවිත...
කෙනෙක් සරුංගලයක සැකිල්ල හදල..
කොල අලවල ලස්සන කරන්නෙ කොහොමද..
අන්න ඒ වගේ අපෙ අම්ම තාත්තා..
අපේ ජීවිත ලස්සන කරන්න වෙර දරනව..
ඒ ලස්සන සරුංගලේ..උඩ යවන්න..ශක්තිමත්..
නූලක් ඕනි.. ඒකත් හරියට...
අම්ම තාත්තගේ ආදරේ, ගුරුහරුකම් වගේ...
හයිය නූලක් තියෙද්දි.. බය නැතුව උඩට යන්න පුළුවන්...
සමාජය කියන හුළං රැල්ලට ගසාගෙන යන් නැතුව..
හැබැයි... නූල හයිය නැත්නම්.. ගසාගෙන යාවි රැල්ලට...
වැඩිවෙලා උඩ ඉන්න බෑ... වැටෙනව බිමට.. සමහරවිට..
අයෙ අපිව උඩ යවාවි..වෙන කෙනෙක් එයාට ඕනි විදියට 
සරසල.... එතකොට..කලින් සරුංගලේ නෙමෙයි දැන්...
වෙනස්....
අම්ම තාත්ත වගේ ශක්තිමත් නෑ....

2 comments:

  1. shakthimath amma kenkutai thatha kenekutai puluwan shakthimath adarawanthyan adawanthiyan bihi karanna, ehema ayage adaraya shakthimath sadakalikawa

    ReplyDelete
  2. අනිවාරයෙන්ම ඒ වගේ ශක්තිමත් ආදරයක් කවදාවත් වෙනස් වෙනස් වෙන්නෙත් නෑ වෙනස්කරන්නෙත් නෑ...

    ReplyDelete